මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තු පැකේජ දෙකක් මාගා ට

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 වන කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පැකේජ 19කට බෙදා ඇති අතර, ඉන් 1A සිට 1Q දක්වා වන පැකේජ 17ක් දැනටමත් ප්‍රදානය කරනු ලැබ ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා සුදුසුකම් ලත් දේශීය ඉදිකිරීම් ආයතන වෙතින් තරගකාරී පදනම මත ලංසු කැඳවා තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

The post මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තු පැකේජ දෙකක් මාගා ට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka