ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (08) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පරිණත කාල තුනටම අදාළ පොලී අනුපාත පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව දින 91 බිල්පත් පොලිය 22.75% සිට 21.91% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 23.60% සිට 22.89% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 23.75% සිට 23.13% ක් දක්වා පහළ ගොස් ඇත.
රු. මිලියන 98,000 ක බිල්පත් ප්‍රමාණයක් අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 260,565 ක තරම් විශාල ලංසු ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබීම විශේෂත්වයකි.
The post භාණ්ඩාගාර බිල් පොලිය පහළට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka