පොලී අඩු කරන්නැයි මහ බැංකුව බැංකුවලට කියයි

තැන්පතු පොලී අනුපාතික සහ ණය පොලී අනුපාතික අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (25) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“අපි ගත්ත තීරණ අනුව අපි දකිනවා පොලී අනුපාත දැනටම, වෙළෙඳපොළේ අසාමාන්‍ය ලෙස ඉහළ ගිය පොලී අනුපාත වෙනුවට ඒ මට්ටම් අඩු වේගෙන යනවා. විශේෂයෙන් පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර බිල්පත් පොලිය අඩුවෙලා තියෙනවා. බැංකුවල පොලී අනුපාතයත් අපි සාකච්ඡා කරලා තියෙනවා. බැංකුවලට කියලා තියෙනවා, තැන්පත් පොලී අනුපාත සහ ‌ණය දෙන පොලී අනුපාත තවදුරටත් අඩු කරන්න කියලා.”

මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු තුලින් වානිජ බැංකුවලට ලබාදෙන කෙටි කාලීන ණය අඩුකිරීම ඇතුළු විවට වෙළෙඳපොළ කටයුතු සඳහා වානිජ බැංකුවලට පැනවූ බාධක හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

The post පොලී අඩු කරන්නැයි මහ බැංකුව බැංකුවලට කියයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka