ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රග්බි ක්‍රීඩා සමාජ අතරින් සුවිශේෂී ක්‍රීඩා සමාජයක් වන CR&FC සමග හවුල්කාරිත්වය දැරීම තුළින් ෆස්ට් කැපිටල් ආයතනය අදහස් කරන්නේ, රටේ ක්‍රීඩාලෝලී බහුතරයක් ඉහළ ම ලැදියාවක් හා ආශාවක් දක්වන ක්‍රීඩාව වැඩිදියුණු කිරීමටයි. ෆස්ට් කැපිටල් ආයතනය සිය ශක්තීන් සම්බන්ධයෙන් ඉදිරියෙන් තබා සිටින්නේ ‘Performance First’ නම් වූ තේමාවයි. සැමට අනේක ප්රතිලාභ සැලසෙන දැවැන්ත සාර්ථකත්වයක් මෙම හවුල්කාරිත්වය හරහා ළඟා කරගැනීමේ හැකියාව අත්පත් කරගැනීමට එකී තේමාව ඉවහල් වනු ඇත.
ෆස්ට් කැපිටල් ආයතනයේ අලෙවිකරන ප්‍රධානී, රන්දිනිත් මදනායක මහතා මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම ගැන සිය අදහස් පළ කරමින් කියා සිටියේ, “ෆස්ට් කැපිටල් හි අපට මගපෙන්වන මූලධර්මය වන්නේ ‘Performance First’ යන අගනා තේමා පාඨයයි. ක්‍රීඩා පිටියේ විශිෂ්ටත්වයේ සැබෑ ප්‍රතිමූර්තිය බඳු CR&FC සමග හවුල්කාරිත්වයක් දැරීම තුළින් අපට එකී සාරධර්ම පුළුල් ප්‍රජාව වෙත ගෙන යාමේ අවස්ථාව සැලසී තිබෙනවා. එසේම, මෙවන් විශේෂිත දුෂ්කර සමයක දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්බන්ධයෙන් අපගේ කැපවීම පෙන්නුම් කිරීමේ හැකියාව ද ඒ හරහා අපට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට දීප්තිමත් අනාගතයක් ඇති බව අප විශ්වාස කරනවා. එම නිසාම, එම ක්‍රීඩාව විශිෂ්ට මට්ටමක් කරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ද අප ඇප-කැප වෙනවා. එපමණක් නොව, ක්‍රීඩකයන්ගේ මූල්‍යකරණ දැනුවත්භාවය වෙත සහය සැලසීමට ද ෆස්ට් කැපිටල්
ආයතනය දායකත්වය සපයනවා. මෙම අනුග්‍රාහකත්වය මගින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පරිපූර්ණ සංවර්ධනයක් කෙරෙහි පමණක් නොව, මූල්‍ය විසඳුම් තුළින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණුවට පත් කිරීම කෙරෙහි ද මනා අවධානයක් යොමු කිරීමට අප අදහස් කරනවා. එවන් ප්‍රගතියක් උදෙසා මූල්‍යකරණ බලගැන්වීම අතිශයින් වැදගත් බව අප දැඩිව විශ්වාස කරන අතර, එම සහය නොමඳව ලබාදීමට අපි හොඳ සූදානමකින් සිටින බව ද අවධාරණය කරනවා.” යනුවෙනි.
ස්ථාවරත්වය තහවුරු කිරීමට, තරගකාරිත්වයේ වාසියට අවස්ථාව ලබාදීමට, සහ සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට දැඩි ඕනෑකමකින් හා අවධානයකින් යුතුව කටයුතු කරන ු ලබන ෆස්ට් කැපිටල් ආයතනය ‘Performance First’ නමැති සිය තේමා පාඨයේ ජීවගුණය සුපුරුදු පරිදී ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇත. සවිමත් මූලධර්ම, කැපවීමෙන් කටයුතු කරන කණ්ඩායම්, සහ ජනශක්ති සමූහයේ සහය සහිත ෆස්ට් කැපිටල් ආයතනය ජවය හා සවිමත් බවින් පිරිපුන් දැවැන්තයෙකි. එවන් පදනමක් සහිත ආයතනයක් හැටියට, අභියෝගාත්මක වෙළඳපොළ චක්‍රයන්ට නොබියව හා සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඊට ලැබී ඇත. දිනෙන් දින අලුත් වන ඩිජිටල් වේදිකාවක් සිය කාර්යයන් වෙනුවෙන් යොදා ගනිමින්, තම ඩිජිටල් ධාරිතාවන් සවිමත් කරගනිමින්, සහ සිය මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරමින්, රටේ සියලු ජනතාව වෙත ළඟා වීමේ පුළුල් වෑයමක යෙදී සිටින ආයතනයක් වශයෙන්, එකී වෑයම් මගින් පාරිභෝගික අත්දැකීම් මනා අන්දමින් හැඩ ගැන්වීමට, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඇති කිරීමට, සහ සමස්ථ වර්ධනය සහ තිරසර බව ඇති කිරීමට ද ඉලක්ක කෙරෙයි.
The post ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක් පිරිනමමින් ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස්, CR&FC සමග රග්බි පිටියට පිවිසෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka