අමෙරිකානු එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය මගින් සංවිධානය කරන ලද මෙවර Soy Connext සමුළුව සඳහා රටවල් 60කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 700කට වැඩි පිරිසක් සහභාගී වූහ. එහිදී වර්තමාන වෙළෙඳපොළ සහ අනාගත ප්රවණතා, එක්සත් ජනපදය සෝයා බෝංචි වගාකරුවන්ගෙන් ලබාගත් දැනුම, පෝෂණ විද්‍යාව, ආහාර ලේබල්කරණය සහ ඇසුරුම්කරණය, සැපයුම් දාම සහ තිරසරභාවය වැනි අංශ ගණනාවක් ඔස්සේ සාකච්ඡා සංවාද පැවැත්වුණි.
ඉකුත් වසරේ ජූලි මාසයේදී නිව් ඇන්තනීස් සමූහයට සිය නිෂ්පාදනවලට Sustainable U.S. Soy සහ Fed with Sustainable යන එක්සත් ජනපද ප්‍රතීතන සහතික එක්කිරීමේ අවස්ථාව උදාවිය. එම සහතික හිමිකරගත් දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ පළමු සමාගම වීම ද තවත් විශේෂත්වයකි.
″නිව් ඇන්තනීස් සමූහය සතු විශිෂ්ට නායකත්වය සහ දැක්ම හරහා Fed with Sustainable U.S. Soy ලේබලය සමඟින් විශේෂ වෙළෙඳපොළ වාසියක් අත්කරගැනීමටත් සමත්වී තිබෙනවා. එහි ප්‍රතිඵල හොඳින් පිළිබිඹුවන අතර නිව් ඇන්තනීස් සමූහයේ ඉදිරි වැඩපිළිවෙළටත් එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය වශයෙන් අපි සුබපැතුම් එක්කරනවා. ඉදිරියේදීත් නිව් ඇන්තනීස් ඇතුළු සමාගම් සමඟ එක්ව තිරසර සෝයා බෝංචි කර්මාන්තයක් වෙනුවෙන් ක්‍රියාකිරීමට අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් එක්සත් ජනපද සෝයාබෝංචි කවුන්සිලයේ දකුණු ආසියාතික සහ උප සහරා අප්‍රිකානු කලාපීය අධ්යක්ෂ කෙවින් රෝප්කේ මහතා පැවසුවේය.
එක්සත් ජනපද සෝයාබෝංචි කවුන්සිලය මගින් පිරිනමන මෙම ලේබල එම සංවිධානය විසින්ම හඳුන්වාදෙන ලද එක්සත් ජනපද සෝයා තිරසරත්ව ඇගයුම් නීතිමාලාව (U.S. Soy Sustainability Assurance Protocol-SSAP) හරහා සහතික කර තිබේ. නිව් ඇන්තනීස් සමාගමට ද මෙම සහතිකකරණය හරහා, තමන් මිලදී ගන්නා සෝයා බෝංචිවලට අදාළ කාබන් දහන ප්‍රමාණය ගණනය කිරීමේ අවස්ථාව උදාවේ.
මෙසේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ කලාපීය වශයෙන් ආදර්ශයක් සපයමින් වඩාත් ඉදිරිගාමී තිරසර මාංශ ආහාර නිෂ්පාදකයෙකු ලෙස පෙරමුණ ගැනීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිවී තිබේ. එක්සත් ජනපදය හරහා තිරසර සෝයා බෝංචි සැපයුම් දාමයක් පවත්වාගැනීමට අතිරේකව ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම් සිය මාංශ නිෂ්පාදන සඳහා යොදාගැනීම ඇතුළු විවිධ තිරසර පියවර රැසක් අනුගමනය කිරීමට සමූහය කටයුතු කර ඇත. තව ද FSSC 22000 සහතිකය ලබාගත් ශ්‍රී ලංකවේ පළමු මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමූහයයි.
මෙසේ එක්සත් ජනපද සෝයා බෝංචි සැපයුම්දාමයට අදාළ සහතික ලබාගැනීම තුළින් පාරිභෝගිකයින්ට උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සැපයීමට නිව් ඇන්තනීස් සමූහය සතු කැපවීම පෙන්නුම් කෙරේ. එක්සත් ජනපදයෙන් ලබාගන්නා සෝයා බෝංචි භාවිතය තුළින් සත්ත්ව ගොවිපොළ, සත්ත්ව ආහාර ඇඹරුම් කම්හල් ආශ්රිත කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාබන් දහන මට්ටම අවමකරගනිමින් තිරසර නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගත හැකිවේ.
සේයාරුව : නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා (වමේ සිට දෙවැනියට) සැන්ෆ්රැන්සිස්කෝහි පැවැති Soy Connext සමුළුවේදී ලද සම්මානය අතැතිව. එක්සත් ජනපද සෝයාබෝංචි අපනයන කවුන්සිලයේ සභාපති ලාන්ස් රීසැක් සහ ප්‍රධාන විධායක නිලධාරී ජිම් සටර් යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.
The post නිව් ඇන්තනීස් සමුහයේ තිරසර වැඩපිළිවෙළ ගෝලීය Soy Connext සමුළුවේදී ඇගයුමට ලක්වෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka