තෙල් බෙදන්න විදෙස් සමාගම් 3ක් ශ්‍රී ලංකාවට

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තය සඳහා ප්‍රවේශවීමට චීනයේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum සහ එක්සත් ජනපදයේ RM Parks යන සමාගම් වෙත බලපත්‍ර පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව මෙම සමාගම් තුන වෙත ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා අවසර හිමිවනු ඇත.

The post තෙල් බෙදන්න විදෙස් සමාගම් 3ක් ශ්‍රී ලංකාවට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka