රේගුව වෙත පළමු මාස තුන සඳහා ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි. එහෙත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් දක්නට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම හේතු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
2021 වසරේ දී භාණ්ඩ 485ක් 2022 වසරේ දී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවිණි. එසේ ම මාර්තු මාසයේ ඩොලරයේ අගය පහළ යාම ද ආදායම් ඉලක්ක කරා ළගා වීමට නොහැකි වීමට හේතු වූ බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ. එබැවින් නුදුරේ දී දැඩි විමසිලිමත්ව අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් විශේෂයෙන් ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ මත අදාළ තීරණ ගැනීමට සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.
The post තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේ දී ලිහිල් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka