ජාතික උද්ධමනය 22% ක් දක්වා පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ 2013=100 වූ දර්ශක යොමු කාලය 2023 ජනවාරි මාසයේ සිට 2021=100 වන නව දර්ශක යොමු කාලයට යාවත්කාලීන කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරනු ලබන අතර, 2023 මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 22.1% ක් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත.

2023 අප්‍රේල් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 33.6%ක් ලෙස වාර්තා විය.

2023 මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 7.3% ක හා ආහාර නොවන කාණ්ඩයේ 14.9% ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.

2022 මැයි මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේ උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති ඉහළ මිල මට්ටම්ය.

කෙසේ වෙතත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍‍මය) 2023 අප්‍රේල් මාසයේදී 27.1% සිට 2023 මැයි මාසයේදී 15.8%දක්වා අඩු වූ අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍‍මය) 2023 අප්‍රේල් මාසයේදී 39.0% සිට 2023මැයි මාසයේදී 27.6% දක්වා අඩුවිය.

The post ජාතික උද්ධමනය 22% ක් දක්වා පහළට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka