ආයෝජන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් පවතින ජල ගාස්තුවල යම් සංශෝධනයක් සිදු වන නමුත්, එහි බලපෑම සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන හා වතු නිවාස පාරිභෝගිකයන් හට අත්විඳීමට ඉඩක් නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද පැවසීය.
පසුගිය සමයේදී මාසිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය වෙනුවෙන් අතිරේකව යෙදවීමට ජලසම්පාදන මණ්ඩලයට සිදුවුණා. මීට අමතරව ආයෝජන පිරිවැය වශයෙන් මාසිකව රුපියල් බිලියන 2.8ක පමණ අලාභයක් මණ්ඩලයට දැරීමට සිදුවුණා. ජල ගාස්තු සංශෝධනය නොකළහොත් ජලසම්පාදන මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 34ක් පමණ විය හැකියි. එබැවින් මෙම අලාභ තත්ත්වය තවදුරටත් සිදුවුවහොත් රටට සුරක්ෂිත ජල සේවාවක් සැපයීම බාධාවක් විය හැකියි.
කෙසේ වෙතත් යම් ජල ගාස්තු සංශෝධනයක් සිදු වන විට සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළුව වතු නිවාස පාරිභෝගිකයන්ට මෙම ජල ගාස්තු වැඩිවීම අදාළ වන්නේ නැහැ. ඒ වගේම දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින ප්‍රජාව මත අසමානුපාතික බර පැටවීමක් සිදු නොවන බවට සහතික වෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිරිවැය ඉතුරුම් ක්‍රියාමාර්ගවලට සමගාමී අතිරික්ත සේවක කප්පාදුව, ජල සම්පාදනයට නවීන තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ප්‍රශස්ත ආයතනික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් පිරිවැය – ඵලදායීතාවය උපරිම කිරීමට සහ පාරිභෝගික ජනතාවට අනවශ්‍ය මූල්‍ය පිරිවැයක් දැරීමට ඇති නොවන පරිදි කටයුතු කිරීමට ජල සම්පාදන මණ්ඩලය සෑම විටම කටයුතු කරනවා.
ආසියානු සංවර්ධන බැංකුව – ශ්‍රී ලංකා රජය දක්වන එකඟතාවය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රයත්නයට අනුකූලව නව ජල ගාස්තු සූතයක් සහ ප්‍රතිපත්තියක් ළඟදීම හඳුන්වා දෙනවා.
ජල කේෂ්ත්‍රයේ දිගුකාලීන ශක්‍යතාව සහ සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ අනුව ‘තිරසර සංවර්ධන ඉලක්කයට අනුකූලව 6’ (SDG 6) සපුරාලීම ඉතා වැදගත් වෙනවා.
The post ජල ගාස්තුවටත් සූත්‍රයක් ලඟදීම appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka