කාර්යාල වෙත පැමිණ ගෙවීම් කිරීමේදී ඇති වන සෞඛ්‍ය අවදානම් සැලකිල්ලට ගත් කළ ගෙවීම් ඩිජිටල්කරණය කිරීම කාලෝචිත වන අතර ගෙවීම් සඳහා පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කිරීමෙන් මහා නගර සභාවේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තර වන බව බැංකුව පවසයි. මේ සමඟ ඩිජිටල් ආකාරයෙන් කළ හැකි වන බොහෝ ගෙවීම් අතර ආදාහනාගාර වෙන් කිරීමේ ගාස්තු, පුස්තකාල ගාස්තු, ශාලා සහ ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීමේ ගාස්තු මෙන්ම ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ගාස්තු ද ඇතුළත් වේ.
මහා නගර සභාවේ ගෙවීම් ඩිජිටල්කරණය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව දැක්වෙන මෙම ඡායාරූපයේ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා (දකුණේ සිට දෙවැනියා) සමඟ (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ ගම්පහ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර රශ්මික අබේකෝන් මහතා, කොමර්ෂල් බැංකු කාඞ් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකාර නිශාන්ත ද සිල්වා මහතා සහ කාඞ් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර කාලිංග දිවාරත්න මහතා පෙනී සිටිති.
The post ගම්පහ මහා නගර සභාව, කොමර්ෂල් බැංකුවේ සහයෝගීත්වයෙන් ගාස්තු ගෙවීම් සේවා ඩිජිටල්කරණය කරයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka