කෝටි 230කට දංකොටුව පෝසිලේන් විකුණයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව දංකොටුව පෝසිලේන් පීඑල්සී හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, දංකොටුව පෝසිලේන් පීඑල්සී හි සිය කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක් අලෙවි කිරීමට තීරණය කර ඇත.

ආයෝජන සමාගමක් වන Ceyline Investments (Private) Limited විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකරනු ලබන අතර ඒ සඳහා අදාළ ගිවිසුමට ඊයේ (15) දිනයේ දී එළඹ ඇති බව වාර්තා වේ.

රු. මිලියන 2,304.60 ක මිලකට මෙම කොටස් ගනුදෙනුව සිදුකිරීමට නියමිතය.

දංකොටුව පෝසිලේන් සමාගමේ 72.51% ක කොටස් හිමිකාරීත්වය, ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී.‍

 

The post කෝටි 230කට දංකොටුව පෝසිලේන් විකුණයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka