කොමර්ෂල් බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් සඳහා විශේෂ වැඩමුළු දියත් කරයි

කොමර්ෂල් බැංකුව 2024 වසරේදී කාන්තා ව්‍යවසායිකාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකාරකම් මාලාවක් හරහා මෙම වැදගත් ගනුදෙනුකාර අංශය සමඟ සෘජුව සම්බන්ධ වීම වර්ධනය කර ඇත. මේ සඳහා ව්‍යවසායිකත්ව සංවර්ධන වැඩසටහන්, බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ DigiZone හි ඩිජිටල් බැංකුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) හි සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායිකාවන්ට සුවිශේෂී වූ සුළු හා මධ්‍ය පරිමාණ කුසලතා සංවර්ධන සහතික පත්‍ර පාඨමාලා කිහිපයක් පවත්වන ලදී.

කොමර්ෂල් බැංකුවේ කාන්තා ගනුදෙනුකරුවන් සඳහා පමණක් ම වන ‘අනගි’ කාන්තා බැංකුකරණ වැඩසටහනෙහි සහයෙන් මෙම ක්‍රියාකාරකම් සිදු කරනු ලැබීය. ‘අනගි කාන්තා ඉතුරුම් ගිණුම,’ කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වන ‘අනගි ව්‍යාපාරික ණය’ සහ කාන්තාවන් සවි බල ගැන්වීමට දායක වෙමින් ඔවුන්ගේ මූල්‍යමය තත්ත්වයන් පුළුල් කිරීමට උපකාර වන මූල්‍යමය නොවන ප්‍රතිලාභයන් ඇතුළු අනෙකුත් සේවාවන් රැසක් අනගි කාන්තා බැංකුකරණ වැඩපිළිවෙළින් ආවරණය වේ.

කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් බැංකුව දායකත්වය දැක්වූ අවස්ථාවක් සේයාරුවෙන් දැක්වේ.

The post කොමර්ෂල් බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් සඳහා විශේෂ වැඩමුළු දියත් කරයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka