සුළු පරිමාණයෙන් යෝගට් නිෂ්පාදනය කරමින් 1993දී ඇරැඹූ මලිඳු ආයතනය ඉන්පසුව යෝගට් පාන වර්ග නිෂ්පාදනයට පිවිසුණි. වර්තමානයේදී යෝගට් වර්ග සහ මීකිරි නිෂ්පාදන මලිඳු සන්නාමයෙන් වෙළෙඳපොළට පැමිණේ. අති නවීන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ 100%ක් නැවුම් ඵලකිරිවලින් සහ මී කිරිවලින් නිපදවන මලිඳු නිෂ්පාදන දිවයින පුරා පිහිටි වෙළෙඳසැල්වලින් මිලට ගත හැකිය. මලිඳු ඩේරි සමාගම ISO: 14001, ISO: 22000 සහ GMP යන තත්ත්ව සහතිකවලින් සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. නිරන්තරයෙන් සිදු කරන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ඔස්සේ මලිඳු ඩේරි සමාගම සිය නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ගුණාත්මකභාවය ඉහළ දැමීමට කටයුතු කරයි. “ඉතා දුෂ්කර කාලයක සියලු අභියෝග ජය ගනිමින් ව්‍යාපාරය සාර්ථකව මෙහෙය වන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. නමුත් ව්‍යවසායකයන් වන අප ඉදිරියේ දැවැන්ත ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙම ජයග්‍රහණයට සහාය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” කළමනාකාර අධ්යක්ෂ මංජුල නිශාන්ත මහතා පැවසීය.
The post කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka