උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නවීන තාක්ෂණය මුසු කර නිපදවන දිගු කල් පවතින Sirrextar නිෂ්පාදන පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. Sirrextar සමාගමේ කර්මාන්ත ශාලාව මාතර වලස්මුල්ලේ පිහිටා ඇති අතර තවත් කර්මාන්ත ශාලාවක් සහ කාර්යාලයක් පිළියන්දල පිහිටා ඇත. ITI, IDB සහ ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධතිය සම්බන්ධ සහතිකයෙන් හා තවත් සහතික රැසකින් සහ ව්‍යවසායකත්ව සම්මාන රැසකින් පිදුම් ලබා ඇති Sirrextar සමාගම ඉදිරියේදී අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයට යොමු වීමටද අපේක්ෂා කරයි. “සෑම විටම පාරිභෝගිකයා මූලික කර ගෙන ව්‍යාපාර කරන නිසා අපගේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් තියෙනවා. වසර ගණනාවක් පුරා අපි පාරිභෝගික විශ්වාසය රැකීම මෙම ජයග්‍රහණයේ රහසයි. මෙම ජයග්‍රහණයට සහාය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, අලෙවි නියෝජිත මහත්වරුන්ටත් ස්තූතිවන්ත වෙනවා.” කළමනාකාර අධ්යක්ෂ කීර්ති සිරිවර්ධන මහතා පැවසීය.
The post කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Sirrextar සමාගම පිදුම් ලබයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka