මෙම මුලපිරීම තුළින් නිසැක වශයෙන්ම පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව පැවැසූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් මෙසේ සඳහන් කළේය. “සංචාරක ක්ෂේත්රයට නිපුණතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකායක් දායාද කරන්න ඕස්ට්‍රේලියානු රජය දක්වන සහාය විශාල පිටිවහලක්. ශ්‍රී ලංකාවට තිරසාර වර්ධනය සහ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න මේ හරහා අත්තිවාරමක් දැමෙනවා.” නිපුණතා සංවර්ධනය සහ ආර්ථික ප්රගමනය ඉලක්ක කර ගත් මෙම ඒකාබද්ධ ප්‍රවේශය සංචාරක හා සත්කාරක ක්ෂේත්රය ප්‍රතිනිර්මාණය කිරීමටත්, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු පාඨමාලා තුළින් තීරණාත්මක කුසලතා රික්තක දුරු කිරීමටත්, වැඩි දියුණු කළ රැකියා අවස්ථා බිහි කිරීම තුළින් අන්තර්කරණීය වර්ධනයක් ළඟා කර ගැනීමටත් ඉවහල් වනු ඇත.
The post ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත වේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka