ඊයේ (09) දින ඒකක 259.60 කින් සියලු කොටස් මිල දර්ශකය කඩා වැටී තිබුණු පසුබිමක අද දින මෙලෙස නැවත වරක් මිල දර්ශක ඉහළ යාම විශේෂ සිදුවීමකි.
මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 28.34 කින් ඉහළ ගොස් ඒකක 3,632.40 ක් ලෙසින් සටහන් විය.
රු. බිලියන 5.71 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.
මේ අතර පසුගිය දා සිය මූලික මහජන කොටස් නිකුතුව සිදුකළ Ex-Pack Corrugated Cartons සමාගමේ ද්වීතියික වෙළෙඳපොළ ගනුදෙනු අද දින ආරම්භ කෙරුණු අතර දිනය අවසානයේ දී එහි කොටසක් ගනුදෙනු මිල රු. 17.80 ක් ලෙසින් සටහන්ව තිබුණි. දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය ද Ex-Pack Corrugated Cartons සමාගමේ කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණු අතර එය රු. බිලියන 1.39 ක් වේ. මූලික මහජන කොටස් නිකුතුවේ දී Ex-Pack Corrugated Cartons සමාගම විසින් සිය කොටස් නිකුත් කළේ කොටසක් රු. 8.40 බැගිනි.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට වැඩිම දායකත්වය ලබා දුන් සමාගම් පහත පරිදි වේ.
The post ඊයේ වැටුණු කොටස් වෙළෙඳපොළ අද යළි නැගිටියි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka