බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී පවසන්නේ මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 42 ක් ඉක්මවා තමන් සතු බවත් ඒ වෙනුවෙන් රු. බිලියන 5.52 ක් ආයෝජනය කර ඇති බවත්ය.
කෙසේ වෙතත් හැටන් නැෂනල් බැංකුවේ වැඩි අයිතිය මේ වන විට මෙරට ප්රමුඛ ව්යාපාරික හැරී ජයවර්ධන මහතාගේ පාලනය යටතේ පවතින්නේ ඔහුගේ පාලනයේ තිබෙන Milford Exports (Ceylon) Ltd, Stassen Exports Ltd සහ Distilleries යන සමාගම් තුන හැටන් නැෂනල් බැංකුවේ සමස්ත කොටස් ප්රාග්ධනයෙන් 17.83% කට ඒක්ව හිමිකම් කියන බැවිනි. මීට අමතර ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව අරමුදල් ගිණුම් දෙකක් හරහා හැටන් නැෂනල් බැංකුවේ 13.35% ක කොටස් අයිතියකට හිමිකම් කියනු ලැබේ.
බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි 46.06%ක කොටස් අයිතිය Brown and Company සතු වන අතර Brown and Company හි ආසන්න වශයෙන් 70% ක කොටස් අයිතියක් LOLC හෝල්ඩිංග්ස් සතුව පවතී. LOLC හි ඉෂාර නානායක්කාර සතු කොටස් හිමිකාරීත්වය සමස්ත කොටස් ප්රාග්ධනයෙන් 80%ක් පමණ වේ.
The post ඉෂාර නානායක්කාර HNB බැංකුවේ බලය වැඩිකර ගනී appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka