ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වෙයි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේදී දර්ශකාංක 54.3ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැතිවරණ සමයේ පැවති අවිනිශ්චිතතා පහව යෑමත් සමගම මෙම මාසයේ දී ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කරයි.

ඉදිරි කාලය සඳහා නව ඉදිකිරීම් කටයුතු පැවතීම පිළිබිඹු කරමින් නව ඇණවුම් දර්ශකය අඛණ්ඩව ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය මිල පහත වැටීම වැනි හිතකර වෙළෙඳපොළ වාතාවරණ හේතුවෙන් පෞද්ගලික ආයෝජකයින් ද ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් ප්‍රකාශ කරයි.

තවද, ඉදිකිරීම් ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමග මෙම මාසය තුළ දී තොග මිලදී ගැනුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, සමාගම් ඔවුන්ගේ බඳවා ගැනීම් සම්බන්ධව තවදුරටත් සැළකිලිමත් ලෙස කටයුතු කරන බව පිළිබිඹු කරමින් සේවා නියුක්ති දර්ශකය මෙම මාසයේ දී ද පහත වැටුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඔක්තෝබර් මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇත.

The post ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka