කුළු බඩු ඇසුරුම්කරණයේ වැදගත්කම, ඇසුරුම් ශිල්පීය ක්‍රම, ඇසුරුම් ද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ, නව්‍ය ඇසුරුම් ප්රවණතා පිළිබඳ අවබෝධය ලබාදීමට මෙම අන්තර්ජාල සැසිය (Webinar) මගින් බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික ඇසුරුම් මධ්‍යස්තානය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හෙල්මලී විතාරණ මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ සහකාර අධ්යක්ෂ ඉන්දික සුගතදාස මහතා විසිනි.
පූර්ව ලියාපදිංචිය මත සැසිය සඳහා සම්බන්ධ කරගැනීම සිදු වන අතර වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ(www.srilankabusiness.com) පහත සදහන් වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න Webinar Registration – Zoom
The post අපනයනය සඳහා කුළුබඩු නිෂ්පාදන ඇසුරුම්කරණය පිළිබඳ අන්තර්ජාල සැසියක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka