Google ගිණුමක් අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා කර හෝ පුරනය වී නොමැති නම් එම ගිණුම මෙලෙස ඉවත් කෙරෙනු ඇති අතර එහිදී Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube සහ Google ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ල ද මැකී යනු ඇත.
මෙම ප්‍රතිපත්තිය පුද්ගලික Google ගිණුම් සඳහා පමණක් අදාල වන අතර පාසැල්, ව්‍යාපාර වැනි සංවිධානවලට එය අදාළ නොවේ.
මේ අනුව Google විසින් අදාළ ගිණුම් මකා දැමීමට පෙර ඊයේ (16) දින සිට එම ඊමේල් ලිපිනයන්ට සහ අක්‍රිය ගිණුම්වල ප්‍රතිසාධන ඊමේල් ලිපිනයන් (recovery mail) වෙත බහුවිධ දැනුම්දීම් (multiple notifications) සිදුකිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
The post අක්‍රීය Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka