Windows දුරකතනයේ අභාවය

Windows-Phone-is-officially-dead

Windows ජංගම දුරකතන පරිශීලකයන්ට කණගාටුදායක පුවතක් පසුගියදා Microsoft සමාගමේ Joe Belfiore විසින් අනාවරණය කරල තියෙනවා.

තම twitter ගිණුමේ සටහනක් තබමින් Belfiore කියාතිබෙන්නේ ” වින්ඩෝස් 10 ජංගම දුරකතන සඳහා නව තාක්ෂණික විශේෂාංගයන් හෝ දෘඩාංග නිපදවීමට තවදුරටත් Microsoft සමාගම බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා.
Windows ජංගම දුරකතන සඳහා නව විශේෂාංග සමඟ යාවත්කාලීන කිරීම් අපේක්ෂාවෙන් සිටි සියලුදෙනාට දැනට පවතින මෙහෙයුම් පද්ධතිය සහ සේවාවන්ගෙන් සැහීමකට පත් වෙන්න සිදුවෙන බවයි මෙයින් පෙනෙන්නේ.

Belfioreගේ සටහනට අනුව, ඔවුන් දැනටසිටින පරිශීලකයින් සඳහා දෝෂ නිවැරදි කිරීම් සහ ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහිතව මෙහෙයුම් පද්ධතිය සේවා යෝජිත මාතය තුළ පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

“සැබැවින්ම අපි platform එක පවත්වාගෙනයාමට නිරන්තරයෙන් සහාය වෙනවා දෝෂ නිවැරදි කිරීම, ආරක්ෂක යාවත්කාලීනයන් ඉදිරියේත් තියේවි”,
“නමුත් නව විශේෂාංග / hardware නැංවීම සඳහා අපගේ අවධානය යොමු කරන්නේ නෑ .” යනුවෙන් Belfiore තම Twitter ගිණුමේ සටහන් කර තිබුණා.

Belfiore-tweets-about-windows-phone

කෙසේවුවත් ඔයා Microsoft හෝ Windows පුවත් ගැන විමසිල්ලෙන් සිටියානම් Windows 10 Fall Creators Update development හිදී Windows ජංගම දුරකථන ගැන සඳහන් කිරීමක් සිදු නොවුබව දන්නවා ඇති. ඒ වෙනුවට Microsoft සමාගම “feature2,” තාක්ෂනය පිලිබඳ උනන්දුවී ඇතිබවයි සඳහන් වුණේ.

ඊට හේතුව?

ඇත්තටම, Windows දුරකථන ව්‍යාපාරය වසරකට වැඩි කාලයක් තිස්සේ අකර්මන්‍ය වී තිබුනා. නමුත් සමාගම මීට පෙර නිල වශයෙන් ඒ පිලිබඳ ප්‍රකාශයක් සිදු කරේ නෑ. පසුගිය වසරේදී Microsoft සමාගම සිය දුරකථන ව්‍යාපාරය අතුගා දැමුවේ දහස් ගනනක් රැකියා කප්පාදු කරමින්.

මෑතකදී පවත්වන ලද සම්මන්ත්රණවල දී ප්‍රධාන විධායක නිලධාරි Satya Nadella, සමාගමේ මුලික සංකල්පයක් වුනු “mobile-first, cloud-first” සංකල්පය අතහැර intelligent cloud සහ intelligent edge ලෙස ඔහු හඳුන්වන සංකල්පයන් ගැන ප්‍රකාශ කර තිබෙනවා. එහි විශේෂත්වය වෙන්නේ ඒ තුළින් multi-device සහ cloud-powered තාක්ෂණයන් සඳහා Windows අනිවාර්ය කර නොතිබිමයි.

Windows Phone හි අනාගතය?

Belfiore තවදුරටත් කියාසිටියේ ඔහු මෙන්ම Bill Gates ද Android වෙත මාරු වී ඇති බවයි, එමෙන්ම තමන්ගේ දුරකථන මත Android සහ iOS භාවිතා කිරීමට කැමති Windows 10 ගනුදෙනුකරුවන්ට Microsoft සහාය දෙනබවත් ඔහු කියා තියෙනවා. සමාගම Windows දුරකථන අත්හැර දැමීමට ප්‍රධානම හේතුවක් හැටියට ඔහු සඳහන් කරේ, මෘදුකාංග නිර්කිමාණකරුවන් කිසි විටෙකත් platform එක නිසිලෙස පවත්වාගෙන යාමට උනන්දු නොවීම.
ඔයාලා දන්නවා ඇති, Microsoft Windows දුරකථන ඇප්ස් ගබඩාව සමඟ බොහෝ ගැටළු තියෙනවා කියල .මේ ඇප්ලිකේෂන් සංවර්ධනය කිරීමෙන් පසුව ඒවා රඳවා ගැනීමට අපහසු වීමත් මීට හේතු වී තියෙනවා.

Android සඳහා වූ නවතම Microsoft Launcher හි දියුණු customize කිරීම සහ PC sharing වගේ විශේෂාංග නිසා Android සඳහා නව අත්දැකීමක් ලබාදීමට ඔවුන්ට හැකිවී තිබෙනවා. අනාගතයේදී Windows වලින් පමණක් බලගැන්වූ දුරකථන දැකීමට නොහැකිවුවත් මේ වගේ iOS සහ Android සමඟ මුසුවූ දෘඩාංග අපිට අපේක්ෂා කරන්න පුළුවන්. Microsoft සමාගමේ iOS සහ Android හි ආයෝජනයන් තුලින් Windows 10 පාරිභෝගිකයින්ට ප්‍රතිලාබ ලැබේවි. ඒ වගේම, වසර ගණනාවක් තිස්සේ සමාගමෙ අසමසම දුරකථන නිෂ්පාදනයේ වෑයම්වලට දායක වීමට එමගින් හැකි වේවි.

microsoft-admits-windows-phone-is-dead

Source : source : https://www.theverge.com/2017/10/9/16446280/microsoft-finally-admits-windows-phone-is-dead

The post Windows දුරකතනයේ අභාවය appeared first on TechWire.





Source From techwire
Author: Pramodi De Silva
#SriLanka #News #lka

Powered by WPeMatico