STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි

ජාතික සංහිදිය අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහා නගර සභාව සඳහා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කර සිටි අතර කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රිවරයකුගෙන් තර්ජන ඇතැයි පවසමින් දැඩි පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාවක් යටතේ මැතිවරණය මෙහෙයවනු ලැබීය.

කෙසේ වෙතත් කොළඹ ජනතාව ඔහුගේ පක්ෂය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු කිසිදු කොට්ඨාශයක් ජයග්‍රහණය කිරීමට සමත් වුවේ නෑ.

ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් එජාප ඡන්ද කැඩීම සඳහා ඔහු මෙම කණ්ඩායම කොළඹ නගර සභාවට ඉදිරිපත් කල බවත් එය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බවත් එජාප කොළඹ දිස්‌ත්‍රික් ප්‍රබලයෙකු සඳහන් කර සිටියේය.

The post STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico