‘off season’ යැයි පුරසාරම් දෙඩවූ අප‍්‍රිකානුවෝ ලංකාවේ දඟයන්ගේ අල්ලේ නැටවෙයි..

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ දිල්රුවන් ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (13 වැනිදා) දකුණු අප්‍රිකානු පිලේ සියලු දෙනා ලකුනු 126ක් තුල දවා ගැනීමට සමත්විය.ඒ අනුව ශ‍්‍රී ලංකා පිළ අප‍්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුනු 161ක් ඉදිරියෙන් සිටියි.දිවා ආහාරයෙන් පසු අප‍්‍රිකානු ලකුනු පුවරුවට තවත් ලකුනු 29ක් එක්වෙද්දී ලකුණු 18ක් ලබා සිටි වර්නන් ෆිලැන්ඩර් දවා ගැනීමට දිල්රුවන් සමත්වූ අතර දැවී යන විට ඔහු පන්දු 86කට මුහුණ දී සිටියහ.නායක ෆෆ් ඩුප්ලේස් සමග හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 64ක් එක්කිරීමටද ෆිලැන්ඩර් සමත්විය.ෆිලැන්ඩර් ලකුණු 7 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවක් පා ආවරණයේ වැදීම නිසා දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් නම්කරනු ලැබුවද විනිසුරු තීරණ විමසීමේ සහාය ඉල්ලා සිටි පිතිකරුවා තමන්ගේ ඉනිම තවදුරටත් දිගු කරගත්තේය. විනිසුරු තීරණ විමසීමේ අවස්ථාව නොතිබුණේ නම් ලකුණු 75 දී දකුණු අප්‍රිකානුවන්ගේ හත්වැනි කඩුල්ලත් ඇද වැටෙන්නට තිබිණ.අප‍්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක ෆෆ් ඩුප්ලේසි අර්ධ ශතකයට එක් ලකුණක් මෑතින් සියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියහ.අනතුරුව පිටියට පැමිණ පසුපෙල පිතිකරුවන්ට සාර්ථක වීමට සුරංග ලක්මාල්ගෙන් ඉඩ නොලැබුණු අතර පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් කාගීසෝ රබාඩා ලකුණු 02කටත්,ඬේල් ස්ටේන් ලකුනු 08කටත් දවා ගැනීම සමත්විය.පන්දුයැවිමේදී අප‍්‍රිකානු ගමන අඩපන කල දිල්රුවන් පෙරේරා ලකුනු 45කට කඩුලු 04ක් දවාගත් අතර සුරංග ලක්මාල් කඩුලු 03ක්ද රංගන හේරත් කඩුලු 02ක්ද බිද දැමීය.තරගයේ පළමු දිනයේදී කාසියේ වාසිය අහිමි කරගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 287 කට දවාගැනීම දකුණු අප්‍රිකානුවන් ලද අනපේක්‍ෂිත වාසියක් විය. වරෙක කඩුලු 2 කට ලකුණු 115 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ පස්වැනි කඩුල්ල ලකුණු 119 දී බිඳ වැටිණ. එහෙත් දිමුත් කරුණාරත්න කළ වික්‍රමාන්විත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිල ලකුණු 287 ක් ලබාගත්තේය.දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ අවස්ථාවේදී තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය ස්වභාවයක තිබුණ නමුත් පළමු ඕවරය යැවීම සඳහා සිය හොඳම දඟ පන්දු යවන්නා කැඳවූ සුරංග ලක්මාල් දකුණු අප්‍රිකානු කඳවුර සසළ කළේය. රංගන හේරත් සිය දෙවැනි ඕවරයේදී යැවූ අලංකාර පන්දුවකින් ලැබුණු උඩපන්දුව ස්ලිප්හි සිටි ඇන්ජලෝ මැතිව්ස් රැකගත් හෙයින් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්රම් ලකුණු නොලබා දැවී ගියේය.අද පෙරවරුවේදී දක්නට ලැබුණේ ඊයේ සවස පැවැති තත්ත්වයම මිස අනෙකක් නොවේ. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ තිදෙනා එක්ව දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නටවමින් සිටියහ.ඊයේ සවස පිටියට පිවිසි මුරකරු පිතිකරු කේශව් මහාරාජ්ට අද පෙරවරුවේදී සිය කඩුල්ල රැකගත හැකිවූයේ විනාඩි 7 ක් පමණි. රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මහාරාජ් දැවී ගියේය.අද පෙරවරුවේ පළමු පැය තුළදී දකුණු අප්‍රිකානු පිලේ කඩුලු 5 ක් බිඳ වැටුණේ සංචාරයකයන්ගේ සියලු බලාපොරොත්තු සී සී කඩ යවමිනි. එම කාලය තුළදී රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් එක්ව සිය ග්‍රහණය දැඩි කළහ.

The post ‘off season’ යැයි පුරසාරම් දෙඩවූ අප‍්‍රිකානුවෝ ලංකාවේ දඟයන්ගේ අල්ලේ නැටවෙයි.. appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico