NTJ ත්‍රස්ත ක්‍රියා අනුමත කළ මවුලවි සොයා මෙහෙයුම් අරඹයි

පසුගිය 21 වැනිදාට යෙදී තිබූ පාස්කු ඉරිදා දින කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන 08කට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සාධාරණ ප්‍රහාරයක් බව සඳහන් කරමින් වව්නියාවේ මව්ලවිවරයෙකු අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මේ වනවිට මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් බාරගැනීමෙන් පසු වවුනියාවේ පට්ටානිච්චූර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මවුලවි නවීමාන් නැමැත්තා විසින් මෙම වීඩියෝව මුදාහැර ඇත.

එම වීඩියෝව දැකීමෙන් විවිධ සංවිධානවලින් ආරක්ෂක අංශ වෙත ඒ පිළිබඳව ලැබුණු පැමිණිලි මත එකී මවුලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර තිබේ.

එම මවුලවිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවැසියන් පවසා ඇත.

මවුලවිවරයාට නීත්‍යානුකූල බිරින්දෑවරු 4 දෙනෙකු සිටීමත් ඔහු ප්‍රාදේශීය දේශපානඥයෙකුවීමත් මෙහි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා බලපෑම් ඇතිකර තිබෙන බව සඳහන් වේ. මවුලවිවරයා වෙනුවට අත්අඩංගුවට ගන්නේ කුමන බිරිඳද යන්න පොලීසියට ගැටළුවක් වී ඇති බව ද වාර්තා වේ.

The post NTJ ත්‍රස්ත ක්‍රියා අනුමත කළ මවුලවි සොයා මෙහෙයුම් අරඹයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico