‘LTTE ය වනාන්තර ආරක්ෂා කලා… දේශපාලඥයින් වනාන්තර විනාශ කලා’ – ජනපති සිරිසේන

රටේ ඉතිරිව ඇති සියයට 28ක් වන ඝනත්වයෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වන අතර එම ප්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වූ බවත්, යුද්ධය නොමැති අනෙක් ප්‍රදේශවල වන පද්ධතිය දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශකර දමා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද(21) පෙරවරුවේ දිඹුලාගල, වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති ජගත් වනාන්තර දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ දැනට පවත්නා වන ඝනත්වය ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා එක්ව කැප නොවුණහොත් තවත් වසර 15 ක් යන විට අපට වනාන්තරය අහිමි වී යන බවයි.

රටේ ඉතිරිව ඇති 28% ක් වන ඝනත්වයෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වන අතර එම ප්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වූ බවත්, යුද්ධය නොමැති අනෙක් ප්‍රදේශවල වන පද්ධතිය දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශකර දමා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජය ඉදිරි වසර 03 තුළ දී ඉටුකර ගැනීමට අපේක්ෂා කරන රටේ වන ඝනත්වය 32% ක් දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් හෙක්ටයාර් එක්ලක්ෂ හතළිස් අටදහසක් අලුතින් වැවිය යුතු අතර, එහි දී වසරකට හෙක්ටයාර් පහළොස් දහසක් වැවිය යුතුව ඇති බවත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, පාසල් දරුවන් ඇතුළු සියලු පුරවැසියන් එක්විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

The post ‘LTTE ය වනාන්තර ආරක්ෂා කලා… දේශපාලඥයින් වනාන්තර විනාශ කලා’ – ජනපති සිරිසේන appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico