ICTA නව සභාපති රොහාන් සමරජීව

ICTA නව සභාපති රොහාන් සමරජීව

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත.

මහාචාර්ය සමරජීව මහතා සභාපති ධූරයට පත්කර ඇත්තේ එහි නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරමිනි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ඉක්ටා ආයතනය පිහිටු වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව මහතා එමගින් ක්‍රියාත්මක වූ ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිළිවෙල් මූලික සැලසුම් සකස් කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් කළේය.

මහාචාර්ය සමරජීව මහතා විදුලි සන්දේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.

නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය ICTA පිළිබඳ විශේෂඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත වේ.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico