Google Account හි ආරක්ෂාව තර කිරීමට පිළිපැදිය යුතු උපදෙස්

අප මෑත කාලය වන විට Google Apps භාවිතය සඳහා නැඹුරු වී ඇති අතර මෙහි ආරක්ෂාව පිළිබඳව ඔබ සිතා තිබෙනවාද? ඔබේ අතිශය පෞද්ගලික දත්ත පවා ඇති Google Account හි ආරක්ෂාව වැඩි කිරීමට පහත උපදෙස් පිළිපදින්න.

01. Google Account තුල පවතින  Sign-in & security තුලින් මෑතකදී   Google Account Log වීමට භාවිතා කල  Device  පරික්ෂා කිරීම  ( Recently used devices )

02. Recent security events තුලින් Google Account තුලට ඇතුල් වූ අවස්ථා පරීක්ෂාව
03. Account recovery options හි ඔබේ දුරකථන අංකය සහ අතිරේක Email address ඇතුලත් කිරීම

මෙයින් ඔබට Password එක අමතක වූ විටක Password Recover කිරීමට හැකියාව ලැබෙනවා සේම, හඳුනා නොගත් අයෙක් Log වුවහොත් ඔබ හට Alert එකක් පැමිණේ.

 

04. 2-Step ක්‍රියාත්මක කර තැබීම

මෙයින් ඔබගේ Password එක අන්සතු වූවත් 2-Step Verification එක නිසා වෙනත් අයෙකුට Google Account එකට  Log වීමට නොහැකි වේ.

උදාහරණයක් ලෙස ඔබගේ දුරකථන අංකයට SMS එකක් ලැබෙන ආකාරයට මෙය සකසා ගත හැකිය. එයින් පසු ඔබේ මුරපදය ඇතුලත් කිරීමෙන් පසු, ඔබට හට SMS මගින් ලැබුණු Pin එකද ඇතුළත් කල යුතුය.

05. Password  යාවත්කාලින කිරීම

එමෙන්ම Password එකක් තෝරාගන්නා විට Strong Password එකක් තෝරාගන්න. එනම් Block letters, Simple letters, Numbers සහ Symbols, Password එක සඳහා යොදාගන්න.

06. Google Username, Password වෙනත් වෙබ් අඩවි සඳහා යොදා නොගන්න
07. Google Account Log වන විට වෙබ් පිටුවට අදාලව ඇති URL  පරීක්ෂා කිරීම

වෙබ් පිටුවට අදාලව ඇති URL  එක mail.google.com or accounts.google.com/login අනිවාර්‍ය්යෙන්ම මෙවැනි Link එකක් විය යුතුයි.

08. Password එක වෙනත් අයෙක් සමඟ Share කර නොගන්න
09. Device එකට Virus guard එකක් භාවිතා කරන්න
10. ඔබ පොදු (Public) Device එකක Log වනවා නම් අනිවාර්‍ය්යෙන්ම Sign-out වීමට වග බලාගන්න. එමෙන්ම Forms, Password, Cache සහ Cookies, Browser එකෙන් මකා දමන්න

ඉහත උපදෙස් පිළිපැදීම මගින් සුරක්ෂිත Google Account එකක් තබාගන්න ඔබ හට හැකි වේ.

The post Google Account හි ආරක්ෂාව තර කිරීමට පිළිපැදිය යුතු උපදෙස් appeared first on TechWire.





Source From techwire
Author: Asanka Abeywickrema
#SriLanka #News #lka

Powered by WPeMatico