GMOA යෙන් ජනපතිට ලිපියක්

GMOA යෙන් ජනපතිට ලිපියක්

සයිටම් අර්බුදය නැවත මතු වීම වළක්වාලීම සඳහා සාධනීය මැදිහත්වීමක අවශ්‍යතාව පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ඔවුන් එම ලිපියෙන් කරුණු 3ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් පෙන්වා දෙන්නේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් දෙසැම්බර් 31 වන විට විසඳුම් ලබා දෙන බවට රජය පොරොන්දු වී ඇති බවයි.

කෙසේ නමුත් සයිටම් අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා ජනාධිපතිවරයා පත් කල නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව පසුගිය නොවැම්බර් 20 වනදායින් පසු මෙතෙක් රැස්වී නොමැති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සයිටම් ආයතනය වෙනත් පෞද්ගලික ආයතනයක් වෙත පැවරීමටත්, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ සියලු පාර්ශවවල එකඟතාවලින් කොටසක් පමණක් නිත්‍යානුකුල කිරීම සම්බන්ධයෙනුත් ඔවුන් එම ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico