මන්ත්‍රී වාහන: “නීතිපති අනුමත කළොත් මම අත්සන් කරනවා” – නිමල් බෝපගේ #SriLanka #LKA

මන්ත්‍රී වාහන:

මන්ත්‍රීන් පිරිසකට ලක්ෂ 5ක කුලියට වාහන

– “බදු ගෙවන ජනතාව වේලෙනවා, දේශපාලකයා V8එකේ ඉගිලෙනවා”

– මන්ත්‍රී සැප වාහන: තවත් කෝටි දෙසීයක්!

එක් වාහනයක් වෙනුවෙන් මසකට ආසන්න වශයෙන් රුපියල් හත් ලක්ෂයක් බැගින් පස් වසරක් පුරා විශාල මුදලක් ගෙවනු ලැබුවත් එම වාහනය රජයට අයිති නොවන බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

අවදානම
“මට යුතුකමක් තියෙනවා මෙවැනි දෙයක අඩුපාඩුකම් අගමැතිවරයාට පෙන්වා දෙන්න. මොකද ඉදිරියේදී කිසියම් පරීක්ෂණයකට මුහුණ දෙන්න සිද්ධ වුනොත්, අපිට වර්තමානයේ අත්දැකීම් ගණනාවක් තියෙනවා, පහුගිය රජයේ මෙවැනි අවස්ථාවන්හිදී එවකට සිටි නිලධාරීන් කොයිතරම් අවදානමකට දැන් මුහුණ දෙනවද කියල.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම විවේචනයට ලක්වී ඇතත් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරමින් වත්මන් රජය විනිවිද භාවයකින් යුක්තව කටයුතු කිරීමට උත්සාහ කරන පරිසරයක රජයේ නිලධාරියකු හැටියට තමා සත්‍ය කතාව මාධ්‍යයට හෙළිකළ බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ පවසයි.

සත්‍ය කතාව
“මේකෙ තියෙන සත්‍යය විකෘති වෙලා තමයි මාධ්‍යවල බොහෝවිට පළවෙන්නේ. ඒ නිසා මේ සත්‍ය කතාව ඔබ වැනි පිළිගත් මාධ්‍යයන්ට කියන්න සිද්ධවෙනවා. මේක ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අපහසුතාවයට පත්කරන දෙයක් නෙමෙයි. රජය ආරක්ෂා කරන වැඩපිළිවෙලක්.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳව ඔහුටද දූෂණ චෝදනා එල්ල වී ඇතිබව බීබීසී පෙන්වා දුන්විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ කියා සිටියේ ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සුදානම් බවය.
– BBC-

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico