”2025 දී රටේ ජනපති රනිල් .. අපේ නායකයාගේ ටිකිරි මොලේන් බුලත් කොලේ ඉරලා දැම්මා ”-දයාසිරි

රනිල් වික්‍රමසිංහ එලවා පක්ෂය තුළ නායකයකම ගැනීමට කැරලි මෙහෙයවූ සජිත් ප්‍රේමදාස 2025 රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීමට සූදානම් බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දඹුල්ල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජනරැලියක් අමතමිනි.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ රට නිදහස් කර ගත්ත නායකයා. මේ රටේ 58000 එක දවසෙන් රස්සා දුන්න නායකයා තමයි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ රජයේ සේවකයින් 3/4 ක් අපිට විරුද්ධව ඡන්දය දුන්නා ගිහිල්ලා. අර මර්වින් සිල්වා වගේ පිස්සු නායකයෝ ගිහිල්ලා සමෘද්ධි නියාමක සහෝදරයෝ ගස් බැන්දා, මොකද්ද ගත්ත පියවර. මේ නිසා 3/4 ක් රාජ්‍ය සේවකයෝ අපෙන් ඈත් වුණා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂේ අපේ මිනිස්සු 10% ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. මම හිතුවේ නෑ මට ඇමතිකමක් දෙයි කියලා. මම තරම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විවේචනය කළේ නෑ කවුරුවත්.”
“මමත් මේ එක්සත් ජාතික පක්ෂ්යේ හොදට කැරලි ගහපු මිනිහෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා නායකයාකරන්න . රනිල් වික්‍රමසිංහ මහත්තයා එලවන්න අපි කැරලි ගහපු මිනිස්සු. කැරැල්ල අවසානයේ මට ගෙදර යන්න සිද්ධ වුණා. දැන් අද සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා 2025 මේ රටේ ජනාධිපති අපේක්ෂක වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. යකෝ ඕක කලින් කියන්න තිබුණානේ. නලින් බණ්ඩාර මහත්තයා කියනවා අපි බුලත් කොලේ ඉරුවා. දැන් හරි බඩු. අපේ නායකයාගේ ටිකිරි මොලෙන් කළේ. එයා දෙයක් කියනකොට අපි දෙපාරක් ඒ ගැන හිතන්න ඕන. මොකද මෛත්‍රිපාල මහත්තයා එනවා කියලා කිව්වෙත් එයා තමයි. එයාට දැන් ඒක හරියට එල්ටීටීඊ සංවිධානය දෙකට බෙදුවා වගේ. මම අහන්න කැමතියි පොහොට්ටුවේ කවුද මේ වැඩේට කරුණා අම්මාන් වුණේ. වාහන කීයක් ගත්තාද නඩු කීයක් නතර කරගන්නද හදන්නේ? අන්න එයා තමයි මේ කැඩීමට මූලික වෙච්ච කෙනා. එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ හදනවා 7 දෙනෙක් එකතු කරගෙන තනි ආණ්ඩුවක් හදන්න. ඒක කරන්න දෙන්න බෑ,”අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.

The post ”2025 දී රටේ ජනපති රනිල් .. අපේ නායකයාගේ ටිකිරි මොලේන් බුලත් කොලේ ඉරලා දැම්මා ”-දයාසිරි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico