“2020 ට ගෝඨා ආවොත් අපි ගොඩම තමයි..”- හරින්ගේ සතුට

ජනාධිපතිවරයාගේ සිට ඕනෑම අයෙකු විවේචනය කළ හැකි වාතාවරණයක් රටතුළ ගොඩ නැගී ඇත්තේ පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතීම නිසා බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ලේකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.පක්ෂ මුලස්ථානයේ අද(12) පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.අද වන විට ගෝඨාභයගේ සියලූම වැඩසටහන් මිලිටරීකරණය වී ඇති බවත්, එවැනි තත්ත්වයකට නැවත වතාවක් යෑමට අවශ්‍ය නම්, ප්‍රජාතන්ත්‍රවාදය වළදැමිය යුතු නම් කැමති කෙනෙක්ට ඒ පාරෙන් ගමන් කිරීමට හැකියාව ඇති බවත්, ගෝඨාභයගේ පැමිණීම කෙරෙහි තමා ඉතාමත් සතුටට පත් වෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.අමාත්‍යවරුන් ඇතුළු රජයට ඕනෑ ආකාරයට මඩ ගැසීමට හැකියාව ලැබී ඇති බවත් මාධ්‍යයට ඕන විදියට හැසිරෙන්න පුළුවන් තත්ත්වයක් රට තුළ ගොඩනඟා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

The post “2020 ට ගෝඨා ආවොත් අපි ගොඩම තමයි..”- හරින්ගේ සතුට appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico