‘2020 ජනපතිවරණයක් පවත්වන්නේනම් අපේ අපේක්ෂකයා ගෝඨා නොවේ චමල්’ – වාසුදේව

2020දී ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් මහින්ද පිලේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොව චමල් රාජපක්ෂ මහතා බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

චමල් රාජපක්ෂ යනු මධ්‍යස්ථ මත දරණ, සියලුම ජනකොටස්වල ඡන්දය ලබාගත හැකි, දූෂණ චෝදනා එල්ලවී නොමැති පුද්ගලයකු බව පෙන්වා දුන් වාසුදේව මහතා ප්‍රකාශ කළේ ඉදිරි ජනපතිවරණය ජයගත හැකිවනුයේ ඔහුව ඉදිරිපත් කිරීමෙන් පමණක් බවයි.

ජනපතිවරණ අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතාගේ නම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති බව පැවසූ වාසුදේව මහතා ඒ සඳහා ඩිලාන් පෙරේරා මහතාගේ සහාය ලැබී ඇති බව ද කුමාර වෙල්ගම මහතාගේ සහාය ද ලැබෙනු ඇති බව ද ප්‍රකාශ කළේය.

The post ‘2020 ජනපතිවරණයක් පවත්වන්නේනම් අපේ අපේක්ෂකයා ගෝඨා නොවේ චමල්’ – වාසුදේව appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico