2016 ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව ඉහළට #SriLanka #LKA

2016 ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලය විසින් නිකුත් කල ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙම අදහස් පැවසීය. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු පිලිබඳ වගකීම භාරව කටයුතු කරයි.  
 
පොදුරාජ්‍ය මණ්ඩලය මේ වසරේ ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සංවර්ධනය, සෞඛ්‍ය සහ සුබ සාධනය, සේවා නියුක්තිය සහ රැකියා අවස්ථා, දේශපාලන සහභාගිත්වය, ප්‍රජා සහභාගිත්වය යන  මුලික කොන්දේසි මත සකස් කර තිබේ.
 
මේ පිලිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව  අනුව පළමු ස්ථානයේ ඉන්නේ ජර්මනිය. මුල්ම රටවල් පහ අතර ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව, ස්විට්ස්ර්ලන්තය, එක්සත් රාජධානිය යන රටවල් තිබෙන්නේ. මෙවැනි සංවර්ධිත රාජ්‍යන් සමග සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට ඉදිරියට එන්න තියෙන අවස්ථා විරලයි. ආසියානු කලාපයේ තරුණ සංවර්ධනයේ දුර්වලතම රට ඉන්දියාව. භූතානය 69 වන ස්ථානයේ ඉන්නේ, නේපාලය 77, බංගලාදේශය 146, පකිස්ථානයට හිමිවෙලා තිබෙන්නේ 154 වන ස්ථානයයි. ලෝකයේ තරුණ සංවර්ධනය සාමාන්‍ය වේගයකින් සිදුවෙද්දී ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සීග්‍රයෙන් ඉදිරියට පැමිණීම වත්මන් රජයේ තරුණ ප්‍රතිපත්තියේ සහ තරුණයන් වෙනුවෙන් කරන කැපකිරීම් වල ප්‍රතිපලයක් බව සදහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අනාගත අයිතිකරුවන් වන තරුණ ප්‍රජාව ශක්තිමත් කිරීම රජයක් ලෙස අපේ මුලික අභිප්‍රායක්. පසුගිය කාලයේ මෙන් දේශපාලන අතකොලු බවට තාරුණ්‍ය පත් නොකර සියලු අංශයන්ගෙන් තාරුණ්‍ය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමා තාරුණ්‍ය පිලිබඳ සංවේදී වන විෂයන් කෙරෙහි අවධානය යොමු කරමින් තරුණ කටයුතු අංශය එතුමන්ගේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන්නට කටයුතු කළේත් මේ නිසයි.  

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico