20 හරහා ජනාධිපතිවරණය නොපැවැත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරණය ද නොපැවැත්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජී.එල්.පීරිස් මහතා මෙම අදහස් පල කළේය.

20 වන සංශෝධනයේ හරය වන්නේ ජනාධිපතිවරණය නොපැවැත් වීම බවත් රටේ ජනාධිපතිවරයා පත් කිරීමේ බලය ජනතාවට නොදෙන බවද එම බලය පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

The post 20 හරහා ජනාධිපතිවරණය නොපැවැත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico