“19 වන සංශෝධනය අපේ ජනපතිට වලංගු වෙන්නේ නෑ” – ඉසුර

මේ 19 වැනි සංශෝධනය අපේ ජනපතිවරයාට වලංගු වෙන්නේ නැති බවත් මීළඟ රජයේ අගමැති හා අමාත්‍යවරු කවුරුන් ද යන්නේ තීරණය කරනු ලබන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවත්  බස්හිනාර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතමින් මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හෙට අනිද්දා තීරණයක් දෙනවා. ඒ තීරණයෙන් තමයි කට්ටිය රත් වෙන්නේ. ඔක්කොම හිතුවා 2020දී තමයි ජනපතිගේ නිල කාලය අවසන් වෙන්නේ කියලා නෑ. මේ 19 වැනි සංශෝධනය අපේ ජනපතිවරයාට වලංගු වෙන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට 2021 වන තෙක් තමන්ගේ ධූර කාලයේ රැදී සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව ලැබී තිබෙනවා. ඊළඟ රජයේ අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තීරණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. ඒ වගේම එහි කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු තෝරා ගනු ලබන්නේත් ඔහු විසින්මයි. 221 වන තෙක් මෙරට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මෛත්‍රීපළ සිරිසේන ජනාධිපතිවරයායි.”





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico