“18 උතුරේ ශෝක දිනයක් කිරීම ගැටළුවක් නෑ” – රාජිත (VIDEO)

උතුරු පළාත් සභාව විසින් මැයි 18 වන දින ශෝක දිනයක් ලෙස නම් කිරීම සම්බන්ධයේ මාධ්‍යවේදීන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එසේ නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවත් උතුරේ ඝාතනයට ලක්වූයේ අපේම පිරිසක් බවයි.

හමුදාවන් අතින් ඝාතනයට ලක්වූයේ ත්‍රස්තවාදීන් පමණක් නොවන බවත් ත්‍රස්තවාදීන් පමණක් ඝාතනය කළ ලොව කිසිඳු හමුදාවක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ කැබිනට් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ රටට වැදගත් වන තීරණ පමණක් බවත් කැබිනට් තීරණ සකස් කරන්නේ කැබිනට් ලේකම්වරයා බවත් කැබිනට් හමුවේදී ගන්නා සියලුම තීරණ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ නොකරන බවයි.

එම වීඩියෝව පහතින්,





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico