‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

යාපනය සිට කේරළ ගංජා ප්‍රවානය කළ පොලිස් නිලධාරියෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූ‍වේ කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 700 ක්
ප්‍රවාහනය කළ වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ
පොලිස් නිලධාරියෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යුද හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදි වෑන්
රථයකින් ගමන් කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිත අතර, යාපනය චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

The post ‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico