“ෆොනීගේ මන්ත්‍රී ධුරය අහෝසි……”-කියා ඉල්ලු පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

‍ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට නොගෙනම ඊයේ (16) නිෂ්ප්‍රභ කෙළේය.එම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් නැත යන කරුණ මත පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී.සිසිර ද ආබෲ, නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙලෙස පෙත්සම ඉවත දමන ලදී.නීතිඥ අජිත් ප්‍රසන්න විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණේ ‍ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරු‍වන් ලෙස නම් කරමිනි.එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ‍ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා පත්කරණ ලදී.පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙද්දී වෙනත් පක්ෂයක සාමාජිකයකු වූ සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරයට පත් කිරීම නීතිවිරෝධී බවට පැමිණිලි කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.එම මන්ත්‍රී ධුරයට සරත් ෆොන්සේකා මහතාගේ පත් කිරීම අවලංගු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබුණි.නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

The post “ෆොනීගේ මන්ත්‍රී ධුරය අහෝසි……”-කියා ඉල්ලු පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico