“හිරේ ඉදන් කුඩු වික්කොත් එල්ලා මරනවා…”-සිරිසේන (වීඩියෝ සහිතයි)

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පවසයි. මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති ,මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

The post “හිරේ ඉදන් කුඩු වික්කොත් එල්ලා මරනවා…”-සිරිසේන (වීඩියෝ සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico