හර්ෂගේ කතාවෙන් අගමැතිට හිත රිදෙයි?

හර්ෂගේ කතාවෙන් අගමැතිට හිත රිදෙයි?

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව යම් යම් විවේචන ඉදිරිපත්ව ඇති බවත් තමන් අග්‍රාමාත්‍යවරයාට පැවසු බවත් ඒ අනුව ඔහුගේ හිත රිදුණා දැයි තමන් නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මම අගමැතිතුමාට කිව්වා හිත රිදව ගන්න දෙයක් නෙවෙයි අපේ නායකත්වය ගැන යම් යම් විවේචන ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා. අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. මොකක්ද කොයි ආකාරයෙන්ද අපේ පක්ෂය ඉදිරියට අරගෙන යන්නේ කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ අපි දැක්කා දෙවැනි පෙළක්. ප්‍රේමදාස මහත්තයා, ලලිත් ඇතුළත්මුදලි මහත්තයා, ගාමිණි දිසානායක මහත්තයා එහෙම.”

“එතකොට අපෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. පක්ෂ නායකත්වය ගැන මම හිතුව යම්කිසි සමාජ ස්ථරයක තිබෙන කාරණාවක් කියලා. නමුත් එහෙම නෙමෙයි. අපි දකිනවා මේක අපේ පාක්ෂිකයන් අතර තිබෙන කතාවක්. අපි මේ ගැන කතා නොකලොත් අපිට මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ. මම දන්නේ නෑ අගමැතිතුමාට මාත් එක්ක හිත රිදුනද කියලා. නමුත් මේ කතාව අපි කරන්න ඕන.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico