“හයට් හා හිල්ටන් ගණුදෙනුවේ මඟඩියක් – කල්තියා සැලසුම් කරලා” – වාසුදේව හෙළි කරයි

කොළඹ හයට් හෝටල් සංකීර්ණය අයෝජකයෙකුට පැවරීමේ ගනුදෙනුව සැක සහිත බවට තමන් කළින් කළ ප්‍රකාශය දැන් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ, කොළඹ හයට් සහ හිල්ටන් හෝටල් සංවර්ධන ව්‍යාපෘති සඳහා අයෝජකයින්ගේ කැමැත්ත විමසීමේ පුවත් පත් නිවේදනය පසුගිය 18 වැනි දා ප්‍රසිද්ධ කර තිබූ අතර ඒ සඳහා කල් ලබාදී තිබුණේ මේ මස 31 වැනි දා පමණි.

මෙතරම් කෙටි කාලයක් තුළ විශාල සමාගම්වලට මෙම අයෝජනය සම්බන්ධයෙන් කළමනාකරණ තීරණවලට එළඹ කැමැත්ත පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ, මෙම ගනුදෙනුව කල්තියා සැලසුම්කර ක්‍රියාත්මක කරන්නක් බව මෙම ක්‍රියාවලිය හරහා පෙනී යන බවයි.

වහාම මෙම පුවත්පත් දැන්වීම සම්බන්ධ ඉදිරි කටයුතු අත්හිටුවා අඩුම වශයෙන් ආයෝජකයෙකුට මෙම හෝටල්වල අයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට අඩුම වශයෙන් මාස 03 ක කාලයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා අග්‍රමාත්‍යවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico