හමුදාවට භාරවුවන් ඝාතණය කල බව සිරිසේනගේ චක් ගෝලයෝ හු කියා පිළිගනී -(වීඩියෝ සහිතයි)

යුද්ධාවසානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිස් ඝාතනය කරන ලද බව රාජපක්ෂ පාලනයේ අමාත්‍ය ධුර හෙබවූ දෙදෙනකු විසින් පිළිගෙන තිබේ.යුද පීඩිත දෙමළ ජනතාව ප්‍රමුඛ දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම දෙමළ ඩයස්පෝරාවද දශකයකට ආසන්න කාලයක් තිස්සේ කරන එම චෝදනාව මෙසේ පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයත්, මහින්ද පාර්ශවයත් ඒකාබද්ධ කිරීම වෙනුවෙන් වෙහෙසෙන හිටපු ඇමැතිවරුන් දෙදෙනකු විසිනි.“අපිත් දන්න සමහර අය ඉන්නවා බාර උනා. හැබැයි ඒ අය මරලා තියෙනවා,” යි යුද සමයේ උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කොළඹදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.ඒ අතරින් එල්ටීටීඊයේ අම්පාර මඩකලපුව සෙන්පතියා වූ රමේෂ් ද හමුදාව විසින් ඝාතනය කරනු ලැබුවේ භාරවීමෙන් අනතුරුව බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය.කරුණා නමින් ප්‍රකට විනායගමුර්ති මුරලිදරන් විමුක්ති කොටි සංවිධානයෙන් වෙන්වී යුද හමුදාව සමග එක්වීමෙන් පසු අම්පාර මඩකලපුව යුද මෙහෙයුම් එල්ටීටීඊය විසින් භාරදෙන ලද්දේ තම්බිරාජා තුරෙයිරාජසිංහම්ටය.යුද භුමියේ කර්නල් රමේෂ් නමින් හැඳින්වුනු ඔහු රජයේ හමුදාවට භාරවීමට විනාඩි දහයකට පෙර තමන්ට ඒ බව දුරකතනයෙන් දැනුම් දුන්නේ යයි හිටපු අමාත්‍ය එස්‌. බී. දිසානායක හෙළි කළේය.“රමේෂ් බාර උනා. රමේෂ් ව මැරුවා. එහෙම ඒවා තියෙනවා,” යි ඔහු පැවසුවේ සැහැල්ලුවෙනි.

The post හමුදාවට භාරවුවන් ඝාතණය කල බව සිරිසේනගේ චක් ගෝලයෝ හු කියා පිළිගනී -(වීඩියෝ සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico