සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ විරෝධයෙන් පුත්තලම රෝහලේ හෙද ස්ථාන මාරු නවතී. #SriLanka #LKA

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ විරෝධයෙන් පුත්තලම රෝහලේ හෙද ස්ථාන මාරු නවතී.

 

පසුගිය කාලය මුළුල්ලේම පුත්තලම රෝහලේ මෙම ස්ථාන මාරු ගැටලූව විසඳා ගැනීම සඳහා රෝහලේ හෙද හෙදියන් සහ සමස්ත ලංකා හෙද සංගමය පළාතේ සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා ගණනාවක් පවත්වන ලදී. 2018/03/26 දින පැවති සාකච්ඡාවේදී හෙදියන් 15 දෙනා මුහුණපා තිබෙන ගැටලූ වල ඛේදනීය බව තවදුරටත් තේරුම් ගත් වයඹ පළාත් සෞඛ්‍ය ලේකම්වරයා මධ්‍යම රජයේ සෞඛ්‍ය ලේකම් සමග සාකච්ඡා කර ඇති කර ගත් එකඟතාවය මත පුත්තලම රෝහලේ හෙදි නිලධාරින් 15 දෙනාට ඒ වනවිටත් අනුමත කර තිබූ ස්ථාන මාරු ලබාදෙන ලෙස 2018/04/05 දිනැති ලිපියෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකට දැනුම් දී ඇත. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේ සඳහා විරෝධය දක්වා ඇති බව පවසමින් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ස්ථාන මාරු කි‍්‍රයාත්මක කිරීම නවතා ඇත.

පුත්තලම රෝහලට 2017 දෙසැම්බර් මස නවක හෙද නිලධාරින් 44 දෙනෙකු ලබාදී ඇති බවත් මෙම නිලධාරින් 15 දෙනා මුදාහැරීමට කිසිදු බාධාවක් මතුවී නොමැති බවත් රෝහලේ අනිකුත් හෙද නිලධාරින්ගේ විරෝධයක් හෝ 15 දෙනෙකු මුදාහැරීම නිසා සේවා අඩාල වීමක් ද සිදු නොවන බවත් සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙයි.

එබැවින් අතිශය සාධාරණ හේතු මත ලබාදී ඇති මෙම ස්ථාන මාරු වහාම කි‍්‍රයාත්මක කර එම නිලධාරින්ගේ ජීවිත වලට සාධාරණය ඉටුකරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් මෙන්ම වයඹ පළාත් සෞඛ්‍ය බලධාරින්ගෙන් ද සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලා සිටී. මෙම මාරුවීම් ලබා නොදීමට විරෝධය පලකිරීම සඳහා 2018/04/18 දින පුත්තලම රෝහලේ සියලූ හෙද කාර්ය මණ්ඩලය වර්ජන කි‍්‍රයාමාර්ගයක නිරත වන බවත් එසේම උද්ගතව ඇති අර්බුදයේ වගකීම මධ්‍යම රජයේත්, වයඹ පළාතෙත් සෞඛ්‍ය බලධාරින් බාරගත යුතු බවත් එම සංගමය දන්වා සිටී.





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico