සෝභිත හිමි පස්සේ ගිහින් ඇති කෙංගෙඩියකුත් නෑ..වෙච්ච දෙයකුත් නෑ – යහපාලන පුරෝගාමීයෝ කනස්සල්ලෙන්

වසර හතලිහක දේශපාලන අත්දැකීම් ඇති අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය අනුමත කළ නොහැකි බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා.
කොළඹ දි පැවති උත්සවයක් අමතමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කර සිටියා.
“ඉතාම කණ්ගාටුවෙන් මේ කාරණය කියන්න කැමතියි දහවැනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ හැසුරුණු ආකාරය ගැන අපිට අනුමත කරන්න බෑ. අවුරුදු 40 පාර්ලිමේන්තුව නියෝජනය කරපු පුද්ගලයෙක්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අතැඹුලක් සේ දන්න පුද්ගලයෙක්. එතුමා විපක්ෂයේ ඉන්දැද්දි මොන තරම් යහපත් ආකාරයට පාර්ලිමේන්තුවේ හැසිරෙච්ච ආකාරය ගැන අපිට යම් අත්දැකීම් තියනවා. එදා එතුමා ඒ ප්‍රකාශයක් කරන්න ගිහින් ඇති වෙච්ච අප්‍රසන්න තත්ත්වය නිසා අපේ රට පිළිබඳව ලෝකයට ගිය පණිවිඩය ඉතාම අවලස්සනයි. මේ වගේ දේවල් යම් ආකාරයට පාලනය කර ගත්තේ නැත්නම් අපේ දේශපාලන නායකයෝ බාල පරම්පරාවට දෙන ආදර්ශය කිසිසේත්ම ශිෂ්ට සම්පන්න නෑ. මේක කෝලම් මඩුවක් බවට පත් වෙනවා නම් සමාජය ගැන කවර කතාද? මම හිතන්නේ කතානායකවරයාගේ අවධානය මෙයට මීට වඩා යොමු විය යුතුයි.”
“දැන් මේ අවුරුදු 3 ක් තිස්සේ සෝභිත හිමියන් පස්සේ ගිහිල්ලා ඇති කර ගත්ත වෙනස අපේ දරුවන්ට, භාර්යාවන්ට යම් පීඩනයක් ඇති කර ගත්තා මිසක වෙන දෙයක් සිද්ධ වුණේ නෑ. ඇති කෙංගෙඩියක් නෑ…, වෙච්ච දෙයකුත් නෑ” ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

The post සෝභිත හිමි පස්සේ ගිහින් ඇති කෙංගෙඩියකුත් නෑ..වෙච්ච දෙයකුත් නෑ – යහපාලන පුරෝගාමීයෝ කනස්සල්ලෙන් appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico