සුළු ජාතිකවාදී කණ්ඩායම් කිහිපයක් හැර 20ට බහුතරය එකගයි.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ජනතාවගේ අපේක්ෂා දිනවීමට හා ලංකාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක් බවට පත් කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙරට සුළු ජාතිකවාදී කණ්ඩායම් කිහිපයක් හැර සෙසු සියලුම දේශපාලන පක්ෂ 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට කැමැත්ත පළ කර ඇති බවයි ජවිපෙ සඳහන් කරන්නේ. සිවිල් සංවිධාන,කම්කරු බලවේග,විශ්ව විද්‍යාල බුද්ධිමතුන්, වෘත්තිකයන් සියලු දෙනාම ප්‍රජාතන්ත්‍ර විරෝධී බල ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමට එකඟතාව පළ කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

20 වැනි සංශෝධනය මඟින් යෝජනා වෙන ආකාරයට ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලය සමනය කිරීමේ අවශ්‍යතාවය 1978 ව්‍යවස්ථාව හඳුන්වා දුන් යුගයේ පටන් පැවති ප්‍රශ්නයක් බවයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ.

“ඉතිහාස දේශපාලන අත්දැකීම් අනුව සිරිමාවෝ මැතිණිය විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කටයුතු කළ අතර 1994දී චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධාන දේශපාලන පොරොන්දුව වූයේද විධායකය අහෝසි කිරීමයි. 2005 සහ 2010 මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල තුළද විධායකයේ අත්තනෝමතිකභාවය පිළිබඳ මනාව විග්‍රහ කර ඇති අතර 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේද ප්‍රධාන සටන් පාඨය වූයේ විධායක ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකභාවය අහෝසි කිරීමයි.”

ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටට අහිතකර කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

(LNW)

The post සුළු ජාතිකවාදී කණ්ඩායම් කිහිපයක් හැර 20ට බහුතරය එකගයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico