සුන්දර නුවරඑළියේ ජල මූලාශ්‍රයන්ගෙන් 84%කම අසූචි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍රයන්ගෙන් සියයට 84කටම අසූචි මිශ්‍ර වී ඇතයි සමීක්ෂණ මඟින් හෙළි වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා පැවති අඹගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදීය.

මේ හේතුවෙන් සෙංගමාලය වැනි රෝග තත්ත්වයන් නුවරඑළිය දිස්ත්‍රික්කයේද පැතිර යා හැකි බව ද ඒ මහතා එහිදී පැවසීය. එසේම නුවරඑළිය දියගල වැනි ප්‍රදේශවලදී මගී බස්රථ නවතා ජලය ලබාගන්නා බවත්, එම ජලයේද අසූචි මිශ්‍ර බවට වාර්තා වන බවද ඒ මහතා පවසයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘති 266ක පමණ මෙලෙස අසූචි මිශ්‍ර වී ඇති බව හඳුනාගෙන ඇති බවත් ගාමිණී පෙරේරා මහතා එහිදී පෙන්වා දුන්නේය.

එසේම එහිදී හෙළිදරව් වූ තවත් කරුණක් වූයේ හැටන් – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථ අතරමග නවත්වන සමහර ආපනශාලා අපිරිසිදු තත්ත්වයේ පවතින බවයි.

නුවරඑළියේ ජල මූලà·à·à·Šâ€à¶»à¶ºà¶±à·Šà¶œà·™à¶±à·Š 84%කම අසූචි

The post සුන්දර නුවරඑළියේ ජල මූලාශ්‍රයන්ගෙන් 84%කම අසූචි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico