සී.අයි.ඩී. යෙන් මහින්දට ලිපියක්… ප්‍රශ්න කිරීමකට සූදානම් වන්නැයි දන්වයි…

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ ආමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුම් දෙන දිනයක ප්‍රශ්න කිරීම් සඳහා සූදානමින් සිටින ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පෙරේදා (13 වැනිදා) ලිඛිතව දැනුම් දී ඇත.

හිටපු ජනාධිපතිවරයාට මෙම ලිත දැනුම්දීම කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස සිව්වරක්‌ම කළ දැනුම්දීම්වලට යහපත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීම නිසා බව පොලිස්‌ මූලස්ථානය පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන දිනයක දැනුම් දෙන වේලාවක රාජපක්‍ෂ මහතාගේ නිවසේදී මෙම ප්‍රශ්න කිරීම් සඳහා සූදානම්වී සිsටින ලෙසත් ඒ මහතාට ලිතව දැනුම් දුන් බවත් පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියේය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ගෙන් ද මීට පෙර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

එම ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත හිටපු ජනාධිපතිවරයාගෙන් ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටි කීත් නොයාර් මහතා ඉකුත් රජය සමයේ පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී තිබිණි.

දිවයින

The post සී.අයි.ඩී. යෙන් මහින්දට ලිපියක්… ප්‍රශ්න කිරීමකට සූදානම් වන්නැයි දන්වයි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico