සිරිසේන විපක්‍ෂයට….?

ජනාධිපතිතුමා අපේ තීන්දුවත් එක්ක විරුද්ධ පක්ෂයට එන්න හිත හදා ගනීද දන්නේ නැහැ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩියු ගුණසේකර මහතා සහ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේදීය.එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය.“ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් එක්ක මේ ආරම්භ කරපු දේශපාලන නායකයන් හමුවීම අපි ඉදිරියේදී හැම දේශපාලන පක්ෂයම අපි ඉදිරියේදී හම්බවෙලා අපේ වැඩපිළිවෙලත් විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් එක්ක ඊළඟට හදන ආණ්ඩුව කටයුතු කරන්නේ කොහොමද කියන එක ප්‍රතිපත්ති මාලාවක් වටා ඒකරාශී කර ගැනීමේ වැඩ පිළිවෙලට අපි යොමු වෙලා තියෙනවා. අපේ 9 දෙනෙක් ඉන්නවා 16 දෙනාගේ මධ්‍යම කාරක සභාවේ. අපි හෘද සාක්ෂියෙන් දේශපාලනය කරන කට්ටියනේ. හිත චපල නැහැ. ජනාධිපතිවරයා අපි කියන දේ අහලා හිත හදා ගනී මම හිතන්නේ. ජනාධිපතිතුමා අපේ තීන්දුවත් එක්ක විරුද්ධ පක්ෂයට එන්න හිත හදා ගනීද දන්නේ නැහැ.”

The post සිරිසේන විපක්‍ෂයට….? appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico