සිරිකොත ඉදිරිපිට දී පුද්ගලයෙක් ගිනි තබා ගනී

සිරිකොත ඉදිරිපිට දී  පුද්ගලයෙක් ගිනි තබා ගනී

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ආසන්නයේදි පුද්ගලයෙක් තම සිරුරට ගිනි තබාගෙන තිබේ. පක්ෂ මූලස්ථානය ආසන්නයේ ඇති ජාතික සේවක සංගම් කාර්යාලය ඉදිරිපිට මෙම ගිනි තබාගෙන ඇත.

අවුරුදු 67ක් වන හිටපු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයෙක් මෙසේ සිය සිරුරට ගිනි තබාගෙන ඇත.  වනාතමුල්ලේ පදිංචි නිමල් පෙරේරා නම් පුද්ගලයෙක් මෙසේ ගිනි තබාගෙන ඇති අතර ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

ඔහු ලංගමයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් යළිත් සේවයට බඳවා ගෙන ඇතත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කාලයේදී නැවතත් සේවයෙන් ඉවත් කර තිබේ. 

තමාව නැවතත් සේවයේ පිහිටුවන ලෙස ඔහු ජාතික සේවක සංගමයෙන්ද ඉල්ලා තිබේ. පසුව ඔහු සිය සිරුට ගිනි තබාගෙන ඇත. 





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico