“සියල්ල CCTV එකේ සටහන් වෙයි..- යට ඇඳුම් ඉරිලා..තරුණයන් හය දෙනකු සමඟ මහ රෑ සූර්වෙලා” අනුරාධපුරේදී ස්‌විස්‌ තරුණියක පැහැරගෙන ගොස්‌ හදි කළ ‘බොංගෝ බෝයි‘

ස්‌විස්‌ටර්ලන්තයේ සිට මෙරට සංචාරයක්‌ සඳහා පැමිණි අවිවාහක 22 හැවිරිදි තරුණියක්‌ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ අයුතු ලෙස සිරකර තබාගෙන දූෂණයට ලක්‌ කළ බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වාදන ශිල්පියකු මේ මස 11 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂන් මහතා 31 දා නියෝග කළේය.ත්‍රිරෝද රථ රියෑදුරකු වශයෙන් හා නිවාඩු නිකේතනවල ‘බෝංගෝ‘ වාදන ශිල්පියකු වශයෙන් කටයුතු කරන විජය මාවත, විජයපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි 35 හැවිරිදි විවාහක පුද්ගලයෙක්‌ මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.විදෙස්‌ ජාතික තරුණිය පසුගිය 24 වැනිදා සංචාරයක්‌ සඳහා ලංකාවට පැමිණ ඇති බවත් ඇය 27 වැනිදා අනුරාධපුරයට පැමිණ රුවන්වැලි සෑය ඇතුළු සිද්ධස්‌ථාන නරඹා එදින රාත්‍රියේ අනුරාධපුර පිහිටි නිවාඩු නිකේතනයකට ගොස්‌ ඉතාලි ජාතිකයන් දෙදෙනකු හා ශ්‍රී ලාංකික තරුණයන් සිව්දෙනකු සමඟ මත්පැන් පානය කර තිබෙන බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැන් වූයේය.එම ස්‌ථානයේ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් පිරිස අනුරාධපුර කඩ පනහේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස්‌ නැවතත් සිහිමද ගතියට පත්වන තුරුම මත්පැන් පානය කර අලුයම ඉන් පිටතට පැමිණ තිබෙන බවත් ඇය සිහිමද ගතියෙන් මංමුළාව කඩ පනහ දෙසට ගමන් කරමින් සිටියදී සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ ඇය නංවාගෙන අනුරාධපුර දහයියාගම දෙසට යන අයුරු නගර ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන් වූයේය.සැකකරු අනතුරුව තරුණිය නිවාඩු නිකේතනයක රඳවාගෙන බරපතළ ලිංගික අතවර සිදුකර ඇති බවත් ඇය පසුදින අලුයම නිවාඩු නිකේතනයේ කොරිඩෝව මත වැටී සිටියදී එහි සේවකයන් ලබාදුන් තොරතුරු මත අනුරාධපුර සංචාරක පොලිසියේ නිලධාරීන් තරුණිය පොලිස්‌ භාරයට ගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වූවේය.තරුණියට අධික වෙරිමත නිසා යම් අතවරයක්‌ සිදු වී ඇත්ද යන්න පිළිබඳව මතකයක්‌ නොවූ බවත් ඇයගේ යට ඇඳුම් ඉරීගොස්‌ තිබූ බවත් පොලිසිය තවදුරටත් අධිකරණයට දැන්වූවේය. පසුව ඇයට ලිංගික අතවරයක්‌ සිදු වී ඇත්ද යන්න පිළිබඳව නිගමනය කර ගැනීමට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළත් ඇය පරීක්‍ෂා කිරීමට වෛද්‍යවරියක්‌ ඉදිරිපත් නොවීම නිසා පරීක්‍ෂණය ප්‍රතික්‍ෂේප කළ බව පොලිසිය අධිකරණයට පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරු විවාහ වී බිරිඳගෙන් වෙන් වී සිටින බවත් මෙම අපරාධයට තවත් පුද්ගලයන් සම්බන්ධ වී ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බවත් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් අධිකරණයට පැවැසීය.

The post “සියල්ල CCTV එකේ සටහන් වෙයි..- යට ඇඳුම් ඉරිලා..තරුණයන් හය දෙනකු සමඟ මහ රෑ සූර්වෙලා” අනුරාධපුරේදී ස්‌විස්‌ තරුණියක පැහැරගෙන ගොස්‌ හදි කළ ‘බොංගෝ බෝයි‘ appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico